ඉරාන කථානායක අලි ලර්ජානි දිවයිනට පැමිණෙයි

ඉරාන කථානායක අලි ලර්ජානි දිවයිනට පැමිණෙයි

by Sagarika Chathumali 19-04-2018 | 8:52 AM

COLOMBO (News 1st)  : ඉරාන කථානායක අලි ලර්ජානි මහතා මෙරට සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ය.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා අද සහ හෙට දින දෙක මෙරට රැඳී සිටිනු ඇති. එම කාලය තුළ ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ඔහු සමග 36 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණියහ. අලි ලරිජානී මහතා මෙරටට පැමිණ ඇත්තේ කතානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනයකට අනුවයි. ඔහු දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරු ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත අතර අද දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට ද නියමිතව ඇත.