වාර්තාගත ලෙස රුපියලේ අගය පහළට

අ. ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස රුපියලේ අගය පහළ යයි

by Hashini De Mel 19-04-2018 | 7:57 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනය තුළදී වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබේ.

ඒ, ඩොලර් සඳහා ආනයනකරුවන්ගේ පැවති අධිඉල්ලුම හේතුවෙනි. ඊයේ දිනය තුළදී අමෙරිකානු ඩොලර් 1 ක් රුපියල් 156.35 - 156.50 ත් අතර දෝලනය වූ බව වෙළෙඳපොළ තොරතුරු අනාවරණ කර ඇත. මේ වන විට අමෙරිකානු ඩොලර් 1 ක් රුපියල් 156.30 - 156.40 ත් අතර අගයක රැඳී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවල දැක්වෙන්නේ මේ වසරේ ආරම්භයේ සිට ඉකුත් අප්‍රේල් 5 වන දා වන විට රුපියලේ අගය 2% කින් අවප්‍රමාණය වී ඇති බවයි. එම කාලය තුළ යුරෝවලට සාපේක්ෂව රුපියලේ අගය 4.8%කින් ද ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව රුපියලේ අගය 4.8% කින් ද ජපාන යෙන් 1ට සාපේක්ෂව 7.1% කින් අවප්‍රමාණය වී තිබේ. https://www.youtube.com/watch?v=HMpLKVWymZQ