ලොව දිගින් සහ බරින් වැඩි ම ගුවන් යානයක් මත්තලට

ලොව දිගින් සහ බරින් වැඩි ම ගුවන් යානයක් මත්තලට ගොඩබස්වයි

by Staff writer 18-04-2018 | 11:48 AM
COLOMBO (Newsfirst) - ලොව දිගින් සහ බරින් වැඩි ම ගුවන් යානයක් වන ඇන්ටනෝව් ඒන්- 225 ම්රියා ගුවන් යානයක් අද මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වනු ලැබුවේ ය. ඇන්ටනෝව් ඒන්- 225 ම්රියා යානය යුද උපාය සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන යානාවකි. ටොන් 700ක් බර මෙම යානය මැලේසිවේ සිට කරච්චිය බලා පියාසර කරමින් තිබියදී මත්තල ගුවන්තොටුපොළට ගොඩබා තිබේ. එන්ජින් 6කින් සමන්විත මෙම යානය හෙට යළි ත් මැලේසියාව බාලා පියාසර කිරීමට නියමිත ය. https://www.youtube.com/watch?v=iiLpA-GUhbc