මුතුරාජවෙල ඉඩම් රජයට පවරා ගැනීමේ තීරණයක්

මුතුරාජවෙල ඉඩම් රජයට පවරා ගැනීමේ තීරණයක්

by Staff writer 18-04-2018 | 6:33 AM
COLOMBO (Newsfirst) - විවිධ පුද්ගලයින් අත්පත් කරගෙන ඇති මුතුරාජවෙල අභය භූමියට අයත් නොවන කොටස රජයට පවරා ගැනීමට තීරණය කර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අක්කර දහසක් පමණ එලෙස විවිධ පුද්ගලයින් අත්පත් කරගෙන ඇති බව ය. අදාළ ඉඩම්වල සීමාවන් හඳුනා ගැනීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා මේ වන විට සිදුවේ. අදාළ ඉඩම් රජයට පවරා ගැනීමට තීරණය කර ඇත්තේ, මුතුරාජවෙල අභය භූමියට සිදුවිය හැකි පාරිසරික හානි අවම කිරීමේ අරමුණින් ය. මුතුරාජවෙලට අයත් භූමි ප්‍රමාණය අක්කර 5000කට ආසන්න ය. උතුරින් මීගමු කළපුවත්, දකුණින් කැලණි ගඟත්, බටහිරින් වෙරළ තීරයෙන් හා නැගෙනහිරින් කොළඹ-මීගමු ප්‍රධාන මාර්ගයට සීමා මායිම්ව පිහිටා ඇති මුතුරාජවෙල මෙරට ජෛව විවිධත්වයෙන් අනූන භූමියකි.