පාර්ලිමේන්තුවේ අසුන් වෙන් කිරීම පිළිබඳ අර්බුදයක්

නව සභා වාරය ආරම්භයේදී පාර්ලිමේන්තුවේ අසුන් වෙන් කිරීම පිළිබඳ අර්බුදයක්

by Staff writer 18-04-2018 | 9:08 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ. මේ තත්ත්වය පාර්ලිමේන්තු අසුන් පැනවීමේදී කුමන බලපෑමක් එල්ල කරයි ද? 8 වන පාර්ලිමේන්තුවේ 2වන සැසිවාරය මැයි 8 වන දා ආරම්භ වේ. පාර්ලිමේන්තුව ආරම්භ වන වේලාව ඉදිරි දින කිහිපයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රකාශ කර තිබුණත් මේ වන තෙක් ඒ පිළිබඳව ලිඛිතව කථානායකවරයා දැනුවත් කර නොමැති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි. මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් දැනට අවිනිශ්චිත තත්ත්වයක් පවතී. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසුවේ, ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳව සලකා බලා මෙම අසුන් පැනවීම සිදු කරන බව ය.