දිවයිනේ පළාත් රැසකට අකුණු සහිත මහ වැසි

දිවයිනේ පළාත් රැසකට අකුණු සහිත මහ වැසි

by Sagarika Chathumali 18-04-2018 | 3:36 PM
COLOMBO (News 1st)  : බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 12 ට තුළ ප්‍රබල අකුණු සමග තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. අකුණු සමග වැසි පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර මන්නාරම සිට කොළඹ, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර් 70 -80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.