ජනපති සහ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළඳ ඇමති අතර හමුව

ජනපති සහ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළඳ ඇමති අතර හමුවක්

by Sagarika Chathumali 18-04-2018 | 10:47 PM

COLOMBO (News 1st) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා අතර අද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විණ.

ශ්‍රී ලංකාවට ලබා දෙන සහය තව දුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සුදානමින් සිටින බව බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ලන්ඩන් නුවරට ගෙස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ හමුවූ අවස්ථාවේදී ලියම් ෆෝක්ස් මහතා මේ බව පවසා තිබේ. දෙරට අතර නව වෙළඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇති වී තිබෙන බවයි. මෙරට නව ආයෝජන අවස්ථා පිළිබඳව අදහස් දැක්වු ජනාධිපතිතුමා විදුලි බල උත්පාදන කේස්ත්‍රෙය් නව ආයෝජන පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව කියා සිටියේ ය.