ජනපති අද පොදු රද මඩුළු ව්‍යාපාරික සංසදය අමතයි

ජනපති අද පොදු රද මඩුළු ව්‍යාපාරික සංසදය අමතයි

by Sagarika Chathumali 18-04-2018 | 9:09 PM
COLOMBO (News 1st)  : වසර 2030 වනවිට තිරසර සංවර්ධනය සඳහා වූ පොදු පිළිවෙතක් ක්‍රියාවට නැංවීමට පොදු රාජ්‍ය මණ්ඩලයීය සියලු රටවල් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි. රජය, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජ යන ක්ෂේත්‍රවල ප්‍රධාන පාර්ශ්වකරුවෝ මෙම හමුවට එක්ව සිටියහ. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු මෙන්ම පෞද්ගලික සහයෝගිතාව අතිශය වැදගත් බවයි. නීල හරිත ආර්ථික වැඩපිළිවෙළ හරහා යහපත් ක්‍රමවේද ආමන්ත්‍රණය කිරීමේ පරමාදර්ශී රටක් වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව පොදු රද මඩුළු ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=Y3H4oRx9woM