කැලණි ගඟට බිලි වූ රංගන ශිල්පිනී තුෂානි ද සිල්වා

කැලණි ගඟට බිලි වූ රංගන ශිල්පිනී තුෂානි ද සිල්වා

by Staff writer 18-04-2018 | 12:42 PM
COLOMBO (Newsfirst) - ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී කැලණි ගඟේ දිය නෑමට ගිය රංගන ශිල්පිනියක දියේ ගිලීමෙන් මිය ගියා ය. 29 හැවිරිදි එක්දරු මවක වන තුෂානි ද සිල්වා පදිංචිව සිටියේ, මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ ය. පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් අතරතුර ඇය ඊයේ මෙම අනතුරට මුහුණ දී තිබේ. ගිනිගත්හේන පොලීසිය පැවසුවේ, ඔවුන් ස්නානය කළ ස්ථානය දැඩි අවදානම් සහිත බව යි. තුෂානි ද සිල්වා මොණරකිරිල්ලි, හිම හන්සි, රජදරුවෝ, අංකල් සෑම්, ස්වර්ණපාලි යන ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.