උතුරු කොරියා සහ අමෙරිකා නියෝජිතයින් සාකච්ඡාවල

උතුරු කොරියානු සහ අමෙරිකානු නායකයින්ගේ ඓතිහාසික හමුව පිළිබඳ තීරණයක් ගැනීමට දෙරටේ නියෝජිතයින් සාකච්ඡාවල

by Staff writer 18-04-2018 | 8:25 AM
(Newsfirst) - දෙරටේ නායකයින් අතර ඓතිහාසික සමුළුවක් පැවැත්වීම සඳහා උතුරු කොරියාව සමග සිය නිලධාරීන් සෘජු සාකච්ඡාවල නිරත වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් හමුවීම සඳහා ස්ථාන 5ක් පිළිබඳව සලකා බැලෙන බව ය. ෆ්ලොරීඩාහිදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවූ අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. උතුරු කොරියානු නායකයා හමුවීමට එකඟ වීම, අමෙරිකානු ජනාධිපතිවරයා තුළ පවතින ධෛර්යය පිළිබිඹු කළ බව ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.