ආනයනික රත්‍රං සඳහා 15%ක බද්දක්...

ආනයනික රත්‍රං සඳහා 15%ක බද්දක්...

by Sagarika Chathumali 18-04-2018 | 4:45 PM
COLOMBO (News 1st)  : දේශීය අවශ්‍යතාව ඉක්මවා රත්‍රං ආනයනය කිරීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික රත්‍රං සඳහා එහි වටිනාකම මත 15% ක බද්දක් පැනවීමට මුදල් අමාතයාංශය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, 2016 වසරේදී රත්‍රං කිලෝග්‍රෑම් 9000 ක් මෙරටට ආනයනය කර ඇති බවයි. 2017 වසරේ කිලෝග්‍රෑම් 15000 ක් ආනයනය කර ඇති අතර මේ වසරේ මුල් මාස තුළ මෙරටට ආනයනය කර ඇති රත්‍රං ප්‍රමාණය කිලෝග්‍රැම් 8000 කි. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට සාපේක්ෂාව මෙරට රන් ආභරණ නිෂ්පාදනය වී නොමැති බවට පෙනී ගොස් ඇති බවයි. මේ හේතුවෙන් ආනයනයික රත්‍රං සඳහා 15%ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.