ගනේමුල්ලේ දැරියට නව වාරයේ සිට නව බලාපොරොත්තුවක්

අවිද්‍යාවේ ගොදුරක් වූ ගනේමුල්ලේ දැරියට නව වාරයේ සිට නව බලාපොරොත්තුවක්

by Sagarika Chathumali 18-04-2018 | 9:48 PM
COLOMBO (News1st)  : කොළඹ අධ්‍යාපන කලාපීය ඊනියා ව්‍යූහ කමිටුව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ට පාළාත් සභා පාලනයට නතු පාසල්වල විවිධ උත්සවලට සහභාගී වී ගරු බුහුමන් ලැබීමට පසුබිම සකසා දුන් තම ලිඛිත නියෝගය කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් හකුළා ගෙන තිබේ. ඔහු ඉකුත් පෙබරවාරි 20 දාතමින් යුත් මේ නියෝගය කලාපයේ පළාත් සභා පාලනය නතු සියලු පාසල්වල ප්‍රධානීන් වෙත යොමු කරමින් අවධාරණය කර තිබුණේ, පාසල්වල විවිධ උත්සව සඳහා මැති ඇමතිවරුන්ට ආරාධනා කිරීම ද, එම ආරාධනාව අනුව පැමිණෙන අයවලුන්ට ගෞරව කිරීම ද රාජ්‍ය නිලධාරීන් ලෙස විදුහල්පතිවරුන් අනිවාර්යයෙන් කළ යුතු බවයි. මේ ලිඛිත නියෝගය සමග කෙළඹ අධ්‍යාපන කලාපීය ඊනියා ව්‍යූහ කමිටුව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නම් සහ දුරකතන අංක අතුළත් ලේඛනයක් ද විදුහල්පතිවරුන් වෙත යවමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තම දේශපාලන ගැතිකම මොනවට ප්‍රකට කර තිබිණ. පාසල් ප්‍රධානීන් ද දේශපාලන ගැත්තන් කිරීමේ අරමුණ ඇතිව හෝ නැතිව කලාප අධ්‍යාපලන අධ්‍යක්ෂවරයා කළ ලිඛිත නියෝගය අවලංගු වන්නේ, ඔහු විසින් ම නිකුත් කරන මේ නව ලිඛිත නියෝගයෙනි. තමා ඉකුත් පෙබරවාරි මස 20 දාතමින් ලබා දුන් නියෝගය හේතුවෙන් යම් අපහසුතාවක් සිදු වූවේ නම් ඒ පිළිඳබඳව කනගාටු වන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරාය මෙහි සඳහන් කර තිබේ. කෙසේ වෙතත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තම මුල් නියෝගය හකුළා ගන්නේ එහි අවලස්සන බව අවබෝධ කර ගෙන නොව, එය හකුළා ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මාර්තු 29 වන දා කර ඇති ලිඛිත දැනුම්දීම හේතුවෙන් බව මෙම ලිපියෙන් ගම්‍ය වේ. පාසල් ප්‍රධානීන් දේශපාලන ගැත්තන් බවට පත් කරන මේ ලිඛිත නියෝගය මෙන්ම බස්නාහිර පළාත් සභාවේ පාලනයට නතු පාසල්වල පරිපාලනයට විනයක් වී ඇති ඊනියා ව්‍යුහ කමිටු අහෝසි කිරීමේ අවශ්‍යතාව විමර්ශන ඉකුත් මාර්තු 25 වන දා අවධාරණය කළේ ය. ඉකුත් පෙබරවාරි 20 වනදා පාසල තුළදී අවමන් සහගත සැලකිල්ලකට බඳුන් වීම හේතුවෙන් එතැන් සිට පාසල් යාමට නොහැකි තත්තත්වයට පත්ව සිටින මේ දැරියට වෙනත් පාසලකට අතුළුවීමේ අවස්ථාව අධ්‍යාපන අමාකත්‍යවරයා විසින් අද උදා කර දුන්නේ ය. ගනේමුල්ල, කුඩාබොල්ලත සුමංගල ප්‍රථාමික විද්‍යාලයේ ඉගනුම ලබන මැය පසුගිය වසරේ මුල් භාගයේදී ද පාසල තුළදී අවමන් සහගත සැලකිලිවලට බඳුන් වී පාසල් යාමට නොහැකි තත්ත්වයකට පත්ව සිටීම විමර්ශන අපි අවස්ථා කිහිපයකදී අනාවරණ කළෙමු. එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉකුත් ජූනි මස 9 වන දා පාසල වෙත ගොස් දැරියට අවමන් සහගත සැලකිලි පාසල තුළදී සිදු වීම වැළැක්වීමේ පියවර ගැනීමට විදුහල්පතිවාරයාව එකඟ කරවා ගත්තේ ය. එයින් මාස 8ක් පමණ ගෙවෙද්දී එනම් ඉකුත් පෙබරවාරි 20 වනදා දැරියට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා එල්ල වූයේ විදුහලපතිවරයාටයි. ඒ ආකාරයෙන් අවමන් සහගත සැලකිලිවලට මුහුණදීමට දැරියට සිදුව තිබෙන්නේ, මව HIV ව්‍යාප්තිය මැඩලීමේ වැඩසටහන්වල සම්පත්දායිකාවක ලෙස සහභාගී වීම පාසලට සම්බන්ධ ඇතැම් වැඩිහිටියන් නුරුස්සන බැවිනි. ඉකුත් මාර්තු 9 වන දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විදුහල්පතිවරයා නැවත තමන් හමුවට කැඳවා පරීක්ෂණ සිදු කළ අවස්ථාවේදී වෙනත් පාසලක් ලබා දෙන ලෙසට දැරියගේ පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීම සැලකිල්ලට නොගැනිණ. වෙනත් පාසලක් ලබා ගැනීමේ අරමුණින් මාර්තු මස 19 වන දා මව හා දැරිය ගම්පහ අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක ද නිරත වූහ. අද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගත් තීරණය අනුව මැයට නව පාසල් වාරයේදී ගනේමුල්ල හේමාමාලි මාහ විද්‍යාලයට ඇතුළු වීමේ අවස්ථාව උදා වේ.