by Staff writer 18-04-2018 | 12:11 PM
(Newsfirst) - කීර්තිමත් ජනාධිපති ආර්යාවක මෙන් ම හිටපු අමෙරිකානු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මව වූ බාබරා බුෂ් අභාවප්‍රාප්ත විය.
1989 සිට 1993 කාලයන්හි අමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ ආර්යාව වූ බාබරා බුෂ් මහත්මිය මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූවා ය.
ඇය අමෙරිකානු ඉතිහාසයට එක්වන්නේ, සැමියා සහ දරුවෙකු යන දෙදෙනකුම අමෙරිකාවේ ජනාධිපති පදවියට පත් වූ දෙවන කාන්තාව ලෙස ය.
මිය යන විට 93 හැවිරිදි වියේ පසු වූ ඇගේ සැමියා දිගු කලක් ජීවත් වූ අමෙරිකානු ජනාධිපති වන අතර පුතා වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් 2000 වසරේදී ජනපති ලෙස තේරී පත් වූ අතර ඔහු දෙවරක් අමෙරිකානු ජනපති ධූරය හෙබවූවේ ය.
බාබරා බුෂ් සිය පවුල වෙනුවෙන් කැපවූ, ප්‍රසිද්ධිය නොතැකූ කාන්තාවක ලෙස ප්‍රකට ය.