හොර සල්ලි අච්චු ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට

හොර සල්ලි අච්චු ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට

by Sagarika Chathumali 17-04-2018 | 10:42 AM
COLOMBO (News 1st)  : ධර්මපුරම්, පුදුන්කාඩු ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 500 නෝට්ටුවක් සමග සැකකරුවන් තුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම නෝට්ටු මුද්‍රණය සන්ථකයේ තබා ගැනීම, ඒ සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගණකයක් සන්තකයේ තබා ගැනීම, එම සැකකරුවන්ට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හා 22 යන වයස්වල පසුවන වවුනියාව හා රාමනාධපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.