by Hashini De Mel 17-04-2018 | 8:45 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය තවමත් මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ පාඩුව පිළිගැනීමට තවමත් අකමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ද අයිලන්ඩ් පුවත්පතට පවසා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකමතික තීරණය වූයේ, අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී පක්ෂව ඡන්දය භාවිත කිරීම බව ද හිටපු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා ය.
නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය උපුටා දක්වමින් ද අයිලන්ඩ් පුවත් පත පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීරණයට එරෙහිව විශ්වාසභංගයේදී කටයුතු කළ පිරිසකට මේ වන විට අතිරේක අමාත්‍යධූර ද හිමිව ඇති බවයි.
නමුත් පෙබරවාරි 11 වන දා සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ඉවත්විය යුතුබව ඒකමතිකව තීරණය කළ බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද අයිලන්ඩ් පුවත්පට සඳහන් කර කළා ය.
අප්‍රේල් 4 වන දා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ, පක්ෂයේ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී අගමැති ඉවත් විය යුතු බවට ගත් තීරණය යළි තහවුරු වූ බව ද පුවත් පත් වාර්තාවේ සඳහන් ය.
යහපාලන රජයේ විශ්වාසය නැවත ගොඩනැගිය නොහැකි මට්ටමින් පලුදුවී ඇති බව ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පුවත්පතට පවසා තිබේ.
https://www.youtube.com/watch?v=NxQs4PIFU4E