පාරිභෝගික කටයුතු අධිකාරියට ඉහළ ආදායමක්

පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළෙඳුන්ගෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ඉහළ ආදායමක්

by Hashini De Mel 17-04-2018 | 7:29 PM

COLOMBO (News 1st) - උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළෙඳුන්ගෙන් රුපියල් දෙකෝටි විසි හත් ලක්ෂ පනස් හය දහස් හාරසියක දඩ මුදලක් අයකරගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනවාරි 1 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ එම වැටලීම් සිදුකළ බව ය. එහිදී පාරිභෝගික භාණ්ඩ වැඩිමිලට අළෙවි කිරීම හා ගුණාත්මක භාවයෙන් තොර භාණ්ඩ අළෙවි කිරීමට එරෙහිව වැටලීම් සිදුකර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් 1977 දුරකතන අංකයට යොමුකළ හැකි බව ද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.