පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අප්‍රේල් 20 අවසන්

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අප්‍රේල් 20 වන දායින් අවසන්

by Hashini De Mel 17-04-2018 | 6:42 PM

COLOMBO (News 1st) - මැතිවරණය පැවැති පළාත් පාලන ආයතන සියල්ලෙහි බලය පිහිටුවීම සඳහා ලබාදී ඇති අවසාන දිනය අප්‍රේල් 20 වන දා යින් අවසන් වේ.

පළාත් පාලන ආයතන 341 ක් අතරින් ආයතන 340 ක මැතිවරණය පෙබරවාරි 10 වන දා පැවැත් විය. තවමත් ඇතැම් පළාත් පාලන ආයතනවල තේරී පත් වූ සභිකයින් ගැසට් කර නොමැති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ ය. නිව්ස්ෆස්ට් කළ විමසුමකදී ඔහු පැවසුවේ, කාන්තා නියෝජනය පිළිබඳව පැවැති ගැටලු සහගත තත්ත්වයන් එම ප්‍රමාදයට හේතුවී ඇති බවයි. කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා නගරාධිපතිවරු තෝරාපත්කර ගැනීමේ කටයුතු අප්‍රේල් 20 වන දා යින් අවසන්වීමත් සමග එතෙක් බලය පිහිටුවීමට නොහැකි වන ආයතන පවත්වාගෙන යාම ලේකම්වරුන්ට පැවරෙන කාර්යයක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර තිබේ. තවමත් ඇතැම් පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ට ඡන්දය පැවැත්වීමට නොහැකිවී ඇත්තේ, මැතිවරණ කොමිසම විසින් ඇතැම් සභිකයින් ගැසට් කර නොතිබිම නිසා බව ද අමාත්‍යංශය පෙන්වා දෙයි.