ජපානයේ යුකී කවොචි බොස්ටන් මැරතන් තරගය ජයගනී

ජපානයේ යුකී කවොචි බොස්ටන් මැරතන් තරගය ජයගනී

by Sagarika Chathumali 17-04-2018 | 10:50 AM
ජපානයේ යුකී කවොචි 122 වන බොස්ටන් මැරතන් ධාවන තරගයේ පිරිමි විවෘත අංශයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ ය. එහි කාන්තා විවෘත අංශයේ ජයග්‍රහණය හිමිවූයේ, අමෙරිකාවේ ඩිසිරි ලින්ඩන්ටයි. 122 වන බොස්ටන් මැරතන් ධාවන තරගය අමෙරිකාවේ හොප්කින්ටන් සිට බොස්ටන් දක්වා පැවැත්විණ. මෙවර බොස්ටන් මැරතන් ධාවන තරගය තුළ තරගකරුවන්ට කිලෝමීටර 43 කට ආසන්න ප්‍රමාණයක් තරග වැදීමට සිදුවීම විශේෂත්වයකි. ජපානයේ යුකී කවොචි පිරිමි විවෘත අංශයේ ජයග්‍රහණය දිනා ගත්තේ පැය 2යි මිනිත්තු 15 යි තත්පර 58 ක දක්ෂතාවක් දක්වමිනි. යුකී වාර්තා අතරට එක් වූයේ 1987 වසරෙන් පසුව බොස්ටන් මැරතන් ධාවන තරගය ජය ගත් පලමු ජපන් ක්‍රීඩකයා ලෙසයි. කාන්තා විවෘත අංශයේ ජයග්‍රහණය අමෙරිකාවේ ඩිසිරි ලින්ඩන් දිනාගත්තේ පැය 2 යි මිනිත්තු 39 යි තත්පර 54 ක කාලයක් වාර්තා කරමිනි. අමෙරිකාවේ ක්‍රීඩිකාවක් බොස්ටන් මැරතන් ධාවන තරගය ජය ගත්තේ වසර 33 කට පසුව වීම ද විශේෂත්වයකි. අවසන් වරට අමෙරිකා ක්‍රීඩිකාවන් බොස්ටන් මැරතන් ධාවන තරගය ජය ගත්තේ 1985 වසරේදීයි දැඩි වර්ෂාවක් යටතේ මෙවර බොස්ටන් මැරතන් ධාවන තරගයේදී තරගකරුවන්ට තරග වැදීමට සිදුවීම ගැන විදෙස් මාධ්‍යවල වැඩි කතාබහකට ලක්විය.