ජනපති හෙට පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර සමුළුව අමතයි

ජනපති හෙට පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අමතයි

by Hashini De Mel 17-04-2018 | 8:06 PM

COLOMBO (News 1st) - පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය, හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවැත්වීමට නියමිත වේ.

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂත් කරගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍ර‍ධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී ඇත. ලබන 21 වන දා දක්වා පොදුරාජ්‍ය මාණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතර ඊට සමගාමීව තරුණ, කාන්තා හා ව්‍යාපාරික සමුළු මේ දිනවල පැවැත්වෙනු ඇති. මෙම සංචාරයේදී ජනාධිපතිතුමා සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් රැසක් හමුවීමට නියමිතය වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතානය මහ රැජිනගේ 92 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන බව සඳහන් ය. https://www.youtube.com/watch?v=ac4LVhXi-UM