ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙයි

ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙයි

by Sagarika Chathumali 17-04-2018 | 7:16 AM

COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හමුවී ද්වීපාර්ශවිය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සාකච්ඡා වනු ඇති. ඉන් පසුව ජනාධිපතිවරයා අද පස්වරුවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව හමුවීමට ද නියමිතව ඇත. මේ අතර බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන විශේෂ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී විමට නියමිත ය. හෙට දිනයේ ජනපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ ආරාධිත දේශනය ද පවත්වනු ඇති. මෙවර පොදු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භය සනිටුහන් වන්නේ 19 වන දා පෙරවරුවේදී ය.