ඔබෙන් ජීවත් වීමට වරම් ඉල්ලන පුංචි පන්සිළු..

ඔබෙන් ජීවත් වීමට වරම් ඉල්ලන දුර්ලභ අක්මා රෝගයකින් පෙළෙන පුංචි පන්සිළු

by Hashini De Mel 17-04-2018 | 10:11 PM

COLOMBO (News 1st) - දුර්ලභ අක්මා රෝගයකින් පෙළෙන පුංචි පන්සිළු කවීෂ්වර ජීවත්වීමට ඔබෙන් වරම් ඉල්ලා සිටි.

ගලේවෙල, මොරගොල්ල බඹරගස්වැව පදිංචි පන්සිළුගේ වයස අවුරුදු 3 කි. මව, පියා සහ බාල සහෝදරයා සමග සතුටින් කාලය ගෙවූ පන්සිළුගේ ජීවිතය මීට මාස 5කට පමණ පෙර හිටිහැටියේ වෙනස් විය. ඒ, පුංචි පන්සිළුට උණ රෝගය වැළඳී රෝහල්ගත කිරීමත් සමගිනි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ, පන්සිළු දුර්ලභ ඝනයේ අක්මාව ඉදිමීමේ රෝගයකින් පෙළෙන බවයි. එය සුව කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවත්, ඒ සඳහා ලක්ෂ 80ක පමණ මුදලක් වැය වන බවත් වෛද්‍යවරුන් පැවසූ බව මව්පියන් පැවසූහ. ලක්ෂ 80ක් සොයා ගැනීම සිහිනයක් වුණත්, මව්පියන්ගේ සිතෙහි දරුවන් කෙරෙහි ඇති සෙනෙහස අසීමිත නිසා ඔවුන් මේ වන විට ලක්ෂ 50 ක මුදලක් සොයා ගෙන ඇත. පන්සිළුගේ ජීවීතය රැකගැනීමට තවත් ඉතිරිව ඇත්තේ මසක් වැනි කාලයක් පමණි. ඔවුන්ගේ එක බලාපොරොත්තුව අවශ්‍ය ඉතිරි ලක්ෂ 30 සොයා පන්සිළුගේ ජිවීතය රැකගැනීමටයි... https://www.facebook.com/NewsfirstSL/videos/1915953715131544/