by Hashini De Mel 17-04-2018 | 6:10 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව එල්ලංගා ගම්මාන ක්‍රමවේදය, ලොව අලුතින් හඳුනාගත් ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුමයන් 14 ට අයත් වනු ඇත.
මෙය නිල වශයෙන් නම් කිරීමේ ජාත්‍යන්තර උත්සවය අනිද්දා දින (19) ඉතාලියේ, රෝමයේදී පැවැත්වීමට නියමිත වේ.
එහිදී පිළිගැනීමට ලක්වන සෙසු කෘෂිකාර්මික ස්ථාන අයත් රටවල් වන්නේ චීනය, ඊජිප්තුව, කොරියානු ජනරජය, මෙක්සිකෝව, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ජපානයයි.
ලෝක ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, ලොව වටිනා කෘෂිකාර්මික උරුමයන් ආරක්ෂා කිරීම, ජෛව විවිධත්වය සහ සංස්කෘතිය සුරැකීම මෙන්ම ප්‍රතිරෝධී පරිසර පද්ධති නිර්මාණය කිරීම ය.
https://www.facebook.com/NewsfirstSL/videos/1915889445137971/