ඇප කොන්දේසි සපුරා හිටපු ඇමති ගෙදර යයි

ඇප කොන්දේසි සපුරා හිටපු ඇමති ගෙදර යයි

by Sagarika Chathumali 17-04-2018 | 11:34 AM

COLOMBO (News 1st)  : ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදා හරිනු ලැබී ය.

සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළා ය. රුපියල් 35,000ක මුදල් ඇපයක් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් නියමවූ සැකකාර හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් ද තහනම් කෙරිණ. කෙසේ වෙතත් ඇප කොන්දේසී සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා රක්ෂිත ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට නොහැකි වීමෙනි. හිටපු අමාත්‍යවරයාගේ විදේශ ගමන් බලපත්‍රය කොළඹ මහාධිකරණයට භාර දී ඇති බව ප්‍රකාශ වුවත් ඒ බව සනාථ කර ගැනීමට ඊයේ ඔහුට නොහැකි විය. https://www.youtube.com/watch?v=pvc1A-zoutg