අමෙරිකා-රුසියා සබඳකම් පළුඳූ කළ සිරියා අර්බූදය

අමෙරිකා-රුසියා සබඳකම් පළුඳූ කළ සිරියා අර්බූදය

by Sagarika Chathumali 17-04-2018 | 12:16 PM

අමෙරිකාව සහ රුසියාව අතර පැවති විශ්වාසය සම්පූර්ණයෙන් ම පාහේ පළුදු වී ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝෆ් පවසයි.

BBC ප්‍රවෘත්ති සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිරියාවේ රසායනික ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වූ බවයි. රුසියාව සහ බටහිර ප්‍රජාව අතර සබඳතාවල වත්මන් තත්ත්වය , සීතල යුද සමයට ද වඩා අයහපත් මුහුණුවරක් ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය. බ්‍රිතාන්‍යය, අමෙරිකාව සහ ප්‍රංශය එක්ව පසුගිය දා සිරියාවට එල්ල කළ මිසයිල ප්‍රහාර , හුදෙක් රසායනික අවි විනාශ කිරීමට විනා, පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුණින් කළ දෙයක් නොවන බව තමන් කිසිසේත් ම පිළිනොගන්නා බව ද රුසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර සිරියාවේ ශේරත් ගුවන් හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. සිරියානු බලධාරීන් සඳහන් කළේ, ඒවා ප්‍රතිප්‍රහාර එල්ල කර විනාශ කළ බවයි. කෙසේ වෙතත් එම ප්‍රහාරයට අමෙරිකානු හමුදාව සම්බන්ධ නැතැයි, පෙන්ටගනය කියා සිටියේ ය.