ප්‍රංශය අමෙරිකාවෙන් කළ ඉල්ලීම

හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නැයි ප්‍රංශය අමෙරිකාවෙන් ඉල්ලයි

by Chathuranga Rajapaksha 16-04-2018 | 11:04 AM
COLOMBO (Newsfirst) - අමෙරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ප්‍රමුඛ එකාබද්ධ හමුදා විසින් සිරියාවට ප්‍රහාර එල්ල කළ දිනයේදි ජනාධිපතිවරුන් දෙදෙනා අතර අවස්ථා කිහිපයකදි දුරකතනය ඔස්සේ සාකච්ජා සිදු වී ඇති බව ය. නායකයන් දෙදෙනා අතර ශක්තිමත් සබඳතාවක් පවතින බව එම වාර්තා පෙන්වා දෙන්නේය. කෙසේ වෙතත් ධවල මන්දිරය සඳහන් කළේ, ජනපති ට්‍රම්ප්ගේ සැලැස්ම අනුව කඩිනමින් සිරියාවේ අමෙරිකානු හමුදා ඛණ්ඩ ඉවත් කර ගනු ඇති බව ය. කෙසේ වෙතත් අයි එස් ත්‍රස්තවාදින් විනාශ කරන බවත් ඔවුන්ට යළි හිස එසවීමට අවස්ථාව නොදෙන බව ත් ජනපති ඩොනල් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.