by Hashini De Mel 16-04-2018 | 6:33 PM
COLOMBO (News 1st) - මුතුරාජවෙල අභයභූමිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව ඉදිරි සතිය ඇතුළත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට සැලසුම් කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කළේ, අභය භූමිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වසර අවසන්වීමට පෙර භාරදීමට යෝජනා වී ඇති බවයි.
එම අභය භූමියට අයත්වන ඉඩම් මේ වන විට හඳුනා ගෙන අවසන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමග මූලික සාකච්ඡා පවත්වා ඇත.
ඉඩම් හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා වනජීවි කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.
එහිදී කලාපය තුළ ඇති භාවිතයට නොගන්නා පෞද්ගලික ඉඩම්වල හිමිකරුවන්ට වන්දි ගෙවීමේ ක‍්‍රමයක් පිළිබඳව ද මේ වනවිට අවධානය යොමුවී ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
හෙක්ටයාර් 3164 කින් යුත් මුතුරාජවෙල අභය භූමියේ පරිසර විනාශයට හේතු වන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු මස 22වන දා සියලු අංශවලට නියෝග කළේ, මුතුරාජවෙල අභයභූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ය.
පරිසර විනාශයන්ට අනුග්‍රහය දක්වන හෝ දැක් වූ රාජ්‍ය නිලධාරීන් සිටි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබාදුන්නේ ය.