by Sagarika Chathumali 16-04-2018 | 9:15 PM
COLOMBO (News 1st) : 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම අද දිවයිනට පැමිණියේ ය.
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ 31 වන ස්ථානයට පත් විය.
ඒ එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් ද සමගින් පදක්කම් 6ක් දිනා ගනිමිනි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී මෙරට දිනූ ඉහළම පදක්කම් සංඛ්‍යාව ද එය වේ.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් මෙරට දිනූ ඉහළම පදක්කම් සංඛ්‍යාව ද මෙවර වාර්තා වීම විශේෂත්වයකි.
ඒ ලෝකඩ පදක්කම් 3ක් ලෙසින්.
තරගාවලි ඉතිහාසයේ 1950 වසරට පසුව පළමු වරට මෙරටට පදක්කමක් දිනා දීමට බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සමත් වූවා ය.
ඇය ඉතිහාසයට එක් වූයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙසයි.
තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර ද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා දුන්හ.
https://www.youtube.com/watch?v=6LF4l0t1GOY