ජනපති ලන්ඩනයේදී හිසතෙල් ගෑමේ උත්සවයට එක්වෙයි

ජනපති ලන්ඩනයේදී හිසතෙල් ගෑමේ උත්සවයට එක්වෙයි

by Sagarika Chathumali 16-04-2018 | 7:22 PM
COLOMBO (News 1st)   : පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ලන්ඩන් බෞද්ධ මන්දිරයේ දී හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්විය. බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසට හිසතෙල් ගා ආශිර්වාද කළ අතර පසුව ජනාධිපතිවරයා ලන්ඩන් බෞද්ධ විහාරය වැදපුදා ගත්හ. අද සිට 21 වන දා දක්වා පොදු රාජ්‍ය මාණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන අනෙකුත් සමුළු පැවැත්වීමට නියමිතයි. ඒ අතරින් තරුණ සමුළුව, කාන්තා සමුළුව හා ව්‍යාපාරික සමුළුවට විශේෂ ස්ථානයක් හිමිවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාර සංසදය ඇමතීමට ද නියමිතයි. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂත් කරගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍ර‍ධාන දේශනය පැවැත්වීම සඳහාද ජනාධිපතිවරයාට ඇරයුම් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සෞභාග්‍ය, සුරක්ෂිතබව, සාධාරණත්වය සහ තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වනු ඇති. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ මහත්මිය සහ සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් රැසක් හමුවීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතාන්‍ය මහ රැජිණගේ 92 වන ජන්ම දින සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන බව සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1914615721932010/