අප හඳුන්වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කුමක් අරභයා ආරම්භ වූවක් ද යන්න බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.
මෙම සංස්කෘතික උත්සවය මේ වන විට ශ්‍රී ලංකාවාසී බහුතරයකගේ ජීවිත සමග අත්‍යන්තයෙන් බැඳී තිබේ.
අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයේ සමරන්නේ ඇයි?
අලුත් අවුරුද්දක් යනු මාසයක මුල එනම් දැනට භාවිත ක්‍රමය අනුව ජනවාරි මස 01 වන දා වැනි දිනක එළඹිය යුතු ය.
එහෙත්, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 හෝ 14 යෙදෙන්නේ කෙසේ ද?
ශක රාජ වර්ෂ ක්‍රමය
ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ ආදී වර්ෂ ක්‍රම වැනි තවත් වර්ෂ ක්‍රමයකි, ශක වර්ෂ ක්‍රමය. මෙම වර්ෂ ක්‍රමය ඇරඹී ඇත්තේ, ඉන්දියාවේ විසූ ශක රජු නමැති ජ්‍යෝතිශ්‍යෙය් ඉහළ දැනුමක් සහිත උගත් රජ කෙනෙකුගේ අභාවයෙන් පසුව ඔහුට ගරු කිරීමක් ලෙස ය.
ඔහු මිය ගොස් ඇත්තේ, ක්‍රිස්තු වර්ෂ 78 වන වර්ෂයේ යි. ඒ අනුව ශක වර්ෂ 1 ක්‍රිස්තු වර්ෂ 78දී ආරම්භ වී ඇත.
ඒ අනුව, මෙම වසර ශක වර්ෂ ක්‍රමය අනුව 1940 ලෙස සැලකේ.
සියලු ජ්‍යෝතිශඥයින් භාවිත කරනුයේ මෙම ශක රාජ වර්ෂ ක්‍රමය යි. ඒ අනුව, ශක රාජ වර්ෂයේ ආරම්භය ශක රජු මිය ගිය දිනට අනුව යෙදේ.
අලුත් අවුරුද්දට එක්ව ඇති විදේශීය වචන
අලුත් අවුරුද්ද සිංහල හා දෙමළ ලෙස හැඳින්වුව ද, මෙය ඉන්දියාවෙන් අප ලද සංස්කෘතික අංගයකි.
ඊට අමතරව, මෙම සංස්කෘතික මංගල්‍යය සමග විදේශීය වචන කිහිපයක් ද බැඳී පැවතීම විශේෂත්වයකි.
එම වචන වන්නේ, අච්චාරු, රතිඤ්ඤා, කොකිස් වැනි වචන යි.
අච්චාරු සහ රතිඤ්ඤා පෘතුගීසි සහ ලන්දේසි වචන වේ. එසේ වුව ද, සිංහල අච්චාරු යනුවෙන් දැන් ව්‍යවහාර වෙයි.
කොකිස් යන්න, කුකීස් යන වචනයෙන් බිඳී ආවක් විය හැකි ය.
කෙසේ වෙතත්, අලුත් අවුරුද්ද යනු මෙරට සංස්කෘතිකාංග අතර ඉදිරියෙන් ම ඇති උත්සවය බවට පත්ව තිබේ. ඒ හරහා සාහිත්‍යයට ද ඔංචිලි වාරම් ආදිය එක්ව ඇත.