හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළ අයුරු

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළ අයුරු

by Chathuranga Rajapaksha 16-04-2018 | 12:30 PM
COLOMBO (Newsfirst) - සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පෙරවරු 10.16 ට යෙදී තිබුණි. ජෝතිෂ්‍යයේ දැක්වුණේ උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද, පයට ඉඹුල්පත් ද තබා සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම සුදුසු බව ය. හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මෙවර පැවත්වුනේ අත්තනගල්ලේදී ය. ඒ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල පරිශ්‍රය් මෙවරත් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු වුනේ විශාල පිරිසකයේ සහභාගීත්වයෙනි. දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ හිස තෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදු කෙරිණි. https://www.facebook.com/NewsfirstSL/videos/1914303731963209/