රිය අනතුරකින් පසු ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් ගිනි

අම්බලන්තොට රිය අනතුරකින් පසු ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් ගිනි ගනී

by Chathuranga Rajapaksha 16-04-2018 | 2:28 PM
COLOMBO (Newsfirst) - කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට, චිත්‍රාගල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා අපරික්ෂාකාරි ලෙස ධාවනය කිරිමේ දි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් ත්‍රිරෝද රථය සහ බස් රථය ද ගිනි ගෙන ඇති අතර එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. ගින්නට හේතුව ත්‍රිරෝද රථයේ විදුලි කෝෂ ගිනි ගැනීම බව පොලීසිය සඳහන් කළේය. තුවාලකරුවන් හම්බන්තොට මූලික රෝහළට ඇතුලත් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1914325755294340/