අධිවේගී මාර්ගයේ ආදායම ඉහළ යයි

අධිවේගී මාර්ගයේ ආදායම ඉහළ යයි

by Hashini De Mel 16-04-2018 | 4:22 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම රුපියල් මිලියන 25 - 27ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, උත්සව සමය වෙනුවෙන් පසුගිය 6 වන දා සිට මේ දක්වා අධිවේගී මාර්ගවලින් ලද මුළු ආදායම රුපියල් මිලියන 225 ඉක්මවන බවයි. පසුගිය 11 සහ 12 දින දෙක තුළ ද දෛනිකව වාහන ලක්ෂයකට ආසන්න ප්‍ර‍මාණයක් අධිවේගී මාර්ගයේ ධාවනය කර ඇත. අධිවේගී මාර්ග වෙත ඇතුළු කෙරෙන වාහන ප්‍රමාණය ඉහළ යාම සමග ඇති වූ වාහන තදබදය අවම කිරීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.