අත්අඩංගුවට ගත් හිටපු ඇමති මහින්දානන්දට ඇප

අත්අඩංගුවට ගත් හිටපු ඇමති මහින්දානන්දට ඇප

by Sagarika Chathumali 16-04-2018 | 3:37 PM
COLOMBO (News 1st)  : සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, රුපියල් 35,000ක මුදල් ඇපයක්, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මතයි. සැකකාර හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර මැයි 11 වනදා නඩුව යළි කැඳවීමට නියමිතයි. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත් අඩංගුවට ගනු ලැබීය ය. ඒ පසුගිය රජය සමයේ සතොස මුදල් භාවිත කර රුපියල් මිලියන 39ක ක්‍රීඩා උපකරණ ගෙන්වා දේශපාලන කටයුතු සඳහා බෙදාදීමේ චෝදනාව මතයි. සිද්ධිය සම්බන්ධයෙන්, එවක සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා පසුගිය 06 වනදා අත්අඩංගුවට ගැනිණ. අනතුරුව ඔහු රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියා ය. ඔහුගේ ද විදේශ ගමන් තහනම් කෙරිණ.