රිය අනතුරකින් පිය – පුතු දෙපළක් මරුට

රිය අනතුරකින් පිය – පුතු දෙපළක් මරුට

රිය අනතුරකින් පිය – පුතු දෙපළක් මරුට

කර්තෘ Chathuranga Rajapaksha

16 Apr, 2018 | 11:12 am

COLOMBO (Newsfirst) – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කුඹල්වෙලදී සිදුවූ රිය අනතුරකින් පිය – පුතු දෙපළක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෝටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුවූ බව ය.

අනතුරින් තුවාල ලැබූ පියා සහ 03 හැවිරිදි පුතා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය වැඩි දුරට ත් සඳහන් කළේය.

මේ අතර මොනරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ස්ථාන 4 කදී සිදුවූ රිය අනතුරු 4කින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල අතර ඔවුන් මොනරාගල දිස්ත්‍රික් රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරුවලට හේතුව බීමතින් රිය ධාවනය බවට පොලිසිය සැක පල කරයි

අනතුරු සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]