මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට

මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට

මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

16 Apr, 2018 | 12:09 pm

COLOMBO (Newsfirst) – මුල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ය.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි කරන ලද දැනුම් දීමකට අනුව ඒ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනි සිටියේය.

ඒ, පසුගිය රජය සමයේ සතොස මුදල් භාවිත කර රුපියල් මිලියන 39ක ක්‍රීඩා උපකරණ ගෙන්වා දේශපාලන කටයුතු සඳහා බෙදාදීමේ චෝදනාව මතයි.

මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට

මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට#lka #Arrest #FCID m#MahindanandaAluthgamage

Posted by Newsfirst.lk on Sunday, April 15, 2018

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]