පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි

21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද යි

by Hashini De Mel 15-04-2018 | 8:05 AM

COLOMBO (News 1st) - 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග අද අවසන් දිනට ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ හිරුණි කේසරා විජේරත්න අද කාන්තා මැරතන් ධාවන තරග ඉසව්ව සඳහා සහභාගිවීමට නියමිත වේ. සත්කාරක ඔස්ට්‍රේලියාව 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටි. ඒ, රන් පදක්කම් 77 ක් රිදී පදක්කම් 56 ක් හා ලෝකඩ පදක්කම් 57 ක් සමගින් සමස්ත පදක්කම් 190 ක් දිනා ගනිමිනි. රන් පදක්කම් 42 ක් රිදී පදක්කම් 41 ක් හා ලෝකඩ පදකක්ම් 43 ක් සමගින් සමස්ත පදක්කම් 126 ක් දිනාගෙන තිබෙන එංගලන්තයට එහි දෙවන ස්ථානය හිමිව ඇත. සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දියාවයි. ඔවුන් රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 16 ක් හා ලෝකඩ පදක්කම් 18 ක් සමගින් සමස්ත පදක්කම් 59 ක් දිනාගෙන තිබේ. එක් රීදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5 ක් මගින් සමස්ත පදක්කම් 6 ක් දිනාගෙන තිබෙන ශ්‍රී ලංකාවට සමස්ත පදක්කම් සටහනේ හිමිව ඇත්තේ 31 වන ස්ථානයයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙනු ඇති.