රාජ්‍ය ආයතනවල දූෂණය පිටු දැකීමට විශේෂිත ඒකකයක්

රාජ්‍ය ආයතනවල දූෂණය පිටු දැකීමට විශේෂිත ඒකකයක්

by Hashini De Mel 15-04-2018 | 7:28 AM

COLOMBO (News 1st) - සෑම රාජ්‍ය ආයතනයකම අල්ලස සහ දූෂණය පිටු දැකීම සඳහා විශේෂිත ඒකකයක් ස්ථාපිත කිරීමට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇත.

එහි සභාපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතන තුළ සිදුවන අල්ලස සහ දූෂණය පිටු දැකීම එහි අරමුණ බවයි. හොංකොං, මැලේසියාව සහ භූතානය යන ආසියාතික රටවල් අල්ලස සහ දූෂණය තුරන් කිරීමට භාවිත කළ ක්‍රමවේද පදනම් කර ගනිමින් මෙම ඒකකය ස්ථාපිත කෙරෙනු ඇති.