මාළු මිල ගණන් ඉහළට

මාළු මිල ගණන් ඉහළට

by Hashini De Mel 15-04-2018 | 11:03 AM

COLOMBO (News 1st) - පසුගිය දින කිහිපය තුළ වෙළෙඳපොළේ මාළු මිල ගණන් ඉහළ ගොස් ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ධීවරයින්ට මුහුදුයාමට නොහැකිවීම මීට හේතුවයි. මේ අනූව රුපියල් 250 ක්ව පැවති බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 350 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙලවල්ලා මාළු කිලෝග්‍රෑමයක් රුපියල් 650 ක් ලෙසත් තලපත් මාළු කිලෝවක් රුපියල් 800 ක් දක්වාත් ඉහළ ගොස් ඇත.