නින්දවුර්හී විශේෂ වන අලි මෙහෙයුමක්

නින්දවුර්හී වන අලි ප්‍රහාරයකින් තිදෙනෙකුට තුවාලයි: අලි එලවන්න විශේෂ මෙහෙයුමක්

by Chathuranga Rajapaksha 15-04-2018 | 7:17 PM
COLOMBO (Newsfirst) - සම්මන්තුරෙයි, නින්දවුර් අල්ලිමුල්ල ගම්මානයට අද පස්වරුවේ වන අලි රංචුවක් කඩා වැදි තිබේ. පොලීසිය පැවසුවේ, වන අලි පහරදීමෙන් වන ජීවී නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව ය. බරපතල තුවාල ලැබූ වන ජීවි නිලධාරියා මහනුවර මහ රෝහලට මාරු කර එවා තිබේ. වන අලි රංචුව පළවා හැරීමට වන ජීවි නිලධාරීන් කටයුතු කරමින් සිටින අතරතුර, අදාළ වන ජිවී නිලධාරියාට සහ එම පුද්ගලයින්ට මෙම ප්‍රහාර එල්ල වී තිබේ. මේ වනවිට ගම්මානයේ පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව ද පොලීසිය ප්‍රකාශ කළේය. වන අලි රංචුව පලවා හැරීමට පොලීසිය සහ වන ජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ.