ඉන්දු - ශ්‍රී ලංකාව සබඳතා ක්‍රමයෙන් අඩු වෙලා

ඉන්දු - ශ්‍රී ලංකාව සබඳතා ක්‍රමයෙන් අඩු වෙලා - සී.වී.විග්නේෂ්වරන්

by Chathuranga Rajapaksha 15-04-2018 | 10:05 PM
COLOMBO (Newsfirst) - ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති සබඳතා ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ඉන්දියාවේ, තිරුනල්වේලී ප්‍රදේශයේ පැවති අවුරුදු උළෙලකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළ බව ද හින්දු වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ දැක්වෙන්නේ ඉන්දියාවෙන් ගිලිහෙන සබඳතාව ශ්‍රී ලංකාව චීනය සමග ගොඩ නගා ගනිමින් සිටින බව විග්නේෂ්වරන් මහතා පැවසූ බව ය. යුද සමයේ අවතැන් වූ ලක්ෂයකට අධික පිරිසක් තමිල්නාඩුවේ රැඳී සිටින බව ත්, තවත් ලක්ෂ 10ක් පමණ විදෙස් රටවල ජීවත් වන බව ත් විග්නේෂ්වරන් මහතා එහිදි සඳහන් කර තිබේ. ඔවුන් හැකි ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා, නැවත පදිංචි කිරීම රජයේ වගකීමක් බව ද ඔහු එහිදී සදහන් කර ඇතැයි ද හින්දු වාර්තාවේ වැඩි දුරට ත් සඳහන් විය. https://www.facebook.com/NewsfirstSL/videos/1913499962043586/