වැඩි මිලට ප්‍රවේශපත් ලබා දුන් බස් රථවලට වැඩ වරදි

අවුරුදු සමයේ වැඩි මිලට ප්‍රවේශපත්‍ර ලබා දුන් බස් රථවලට වැඩ වරදි

by Hashini De Mel 15-04-2018 | 7:07 AM

COLOMBO (News 1st) - අවුරුදු සමයේ මගීන්ට වැඩි මිලට ප්‍රවේශපත්‍ර ලබාදුන් බස් රථ 12ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්. ඒ. පි හේමචන්ද්‍ර‍ මහතා සඳහන් කළේ, එවැනි බස් රථ 5ක් මේ වන විටත් නිශ්චිතව හඳුනාගෙන ඇති බව ය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනතාවට දැනුම් දෙන්නේ, එවැනි බස් රථ සම්බන්ධයෙන් 1955 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි. මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා අද ත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සඳහන් කළේ ය. ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණිම සඳහා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සරත් වල්ගම්පාය මහතා සඳහන් කළේ ය. මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් අද ත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද ක්‍රියාත්මක වේ.