වල්ලපට්ටා තොගයක් සමග 4ක් රේගු භාරයට

මෙරටින් රැගෙන යාමට තැත් කළ වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් 4ක් රේගු භාරයට

by Staff writer 14-04-2018 | 5:31 PM
COLOMBO (Newsfirst) - නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට තැත් කළ වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. එහි සහකාර මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 94කට අධික බව ය. ඒවා ඕමාන් හරහා ඩුබායිවලට රැගෙන යාමට තැත් කර තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇති වල්ලපට්ටා ප්‍රමාණය කිලෝග්‍රෑම් 119කි. සිද්ධිය පිළිබඳව රේගුවේ ජෛව විවිධත්ව ඒකකය විමර්ශන ආරම්භ කර තිබේ.