මීතොටමුල්ල විපත: කීර්තිරත්න අද අවුරුදු සැමරූ හැටි

මීතොටමුල්ලට එරෙහිව සටන් කළ කීර්තිරත්න වසරකට පසු අවුරුදු සැමරූ හැටි...

by Staff writer 14-04-2018 | 9:02 PM
COLOMBO (Newsfirst) - ජීවිත 32ක් කසළ කන්දකට බිලි වෙලා අදට හරියට ම අවුරුද්දක්. කසළ නිසා නිසල වෙච්ච ජීවිත කියලා දීපු පාඩම, අවුරුද්දකට පස්සේ අපිට මතක ද? පසුගිය වසරේ අප්‍රේල් මස 14 වන දා මීතොටමුල්ල කසළ කන්ද නාය ගියේ ජීවිත හා දේපල රැසක් අහිමි කරමිනි. ජීවිත ගණනාවත් කසළවලට වැළලී ගිය එම සිදුවීම සියලු දෙනාගේ ම අවධානයට ලක් වුණේ, ඒ සියලු දෙනාව ම අනුවේදනීය කරමිනි. මීතොටමුල්ල කසළ කන්දට එරෙහිව ජනතාව වීදි බැස සටන් කළත් ඒ කිසිවත් බලධාරීහු මායිමකටවත් ගණන් නොගත්හ. බලධාරීන්ගේ නොමනා ක්‍රියා නිසා මීතොටමුල්ල කසළ කන්දට එරෙහිව සටන් කළ කීර්තිරත්නගේ පවුලේ උදවියටත් මෙම විපතින් වන්දි ගෙවීමට සිදු විය. අවසානයේ ඔහු මෙලොව තනි වුණේ, එක් මුණුපුරෙක් සමගිනි. රට ම අවුරුදු සිරියෙන් ඇළලී යද්දී කීර්තිරත්න සිය මුණුපුරා සමග වසරකට පෙර කුණු කන්දට යටවූ සිය බිරිඳ ඇතුළු දරු මුණුපුරන් සිහි කළේ මෙලෙසිනි.... https://www.youtube.com/watch?v=79lHVZomZ5E