බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් හමුවීමට අවස්ථා

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් හමුවීමට විශේෂ අවස්ථාවක්

by Chathuranga Rajapaksha 14-04-2018 | 10:59 AM
COLOMBO (Newsfirst) - අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් හමුවීම සඳහා අදත් විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා රැඳවියන් හමුවිය හැකි බව ය. දිනකට අමුත්තන් තුන්දෙනෙකුට රැඳවියන් හමුවීමේ අවස්ථාව ලබාදෙන බව ද තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය. පැමිණෙන අමුත්තන්ට රැඳවියන් සඳහා ආහාර ගෙන ඒමට ද අවසර හිමිවේ.