අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

by Chathuranga Rajapaksha 14-04-2018 | 10:42 AM
COLOMBO (Newsfirst) - අලුත් අවුරුද්දේ නෑගම් යන ජනතාවගේ පහසුව සඳහා අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාව අනුව සියලුම නගර වෙත බස් සේවා ක්‍රියාත්මක බව ය. නෑගම් යන ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය. මගීන්ගේ පසුව සඳහා විශේෂ දුම්රිය කිහිපයක් අද දිනයේ ධාවනය සඳහා සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.