අධිවේගයේ රිය අනතුරු 2ක් නිසා දැඩි රථ වාහන තදබදයක්

අධිවේගයේ සිදුවූ රිය අනතුරු 2ක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්

by Staff writer 14-04-2018 | 5:24 PM
COLOMBO (Newsfirst) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සවස සිදුවූ රිය අනතුරු 2ක් හේතුවෙන් ගාල්ල දෙසට මේ වන විට දැඩි රථ වාහන තදබදයක් මතුව තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, වැලිපැන්න හා කුරුදුගහහැතැප්ම අතර 47 වන කිලෝමීටර් කණුව ආසන්නයේ එක් අනතුරක් සිදුව ඇති බව ය. එම අනතුරින් වාහන 3කට හානි සිදුව තිබේ. ගැලණිගම හා දොඩංගොඩ අතර 23 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී තවත් රිය අනතුරක් සිදුව තිබේ. පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අනතුරට ලක් වූ වාහන මාර්ගයෙන් ඉවත් කර ඇතත් වාහන තදබදය තවදුරටත් පවතින බව ඔහු සඳහන් කළේ ය. මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන සංඛ්‍යාව අධික හෙයින් ඉතා විමසිල්ලෙන් රිය ධාවනය කරන ලෙස ය.