හෝමාගම ඇළකින් නාඳුනන පිරිමි මළ සිරුරක්

හෝමාගම ඇළකින් නාඳුනන පිරිමි මළ සිරුරක්

by Chathuranga Rajapaksha 13-04-2018 | 3:53 PM
COLOMBO (Newsfirst) - හෝමාගම, නියඳගල ප්‍රදේශයේ ඇළක පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන අයෙකු බව ය. සැක සහිත ලෙස මියගොස් ඇති එම පුද්ගලයාගේ ගෙල පෙදෙස රෙදි කඩකින් බැඳ තිබූ බව ද අප වාර්තාකරු සඳහන් කළේය. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා හෝමාගම රෝහලට ගෙනගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.