කිත්සිරි රාජපක්ෂගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

සිරස කාර්යාලය ඉදිරිපිට කලහකාරී හැසීරීම සම්බන්ධයෙන් කිත්සිරි රාජපක්ෂගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

by Chathuranga Rajapaksha 13-04-2018 | 9:30 PM
COLOMBO (Newsfirst) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අද යළි ත් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි. අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාව ජයගෙන විනාඩි කිහිපයකට පසුව පැමිණි පිරිසක් කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේය. සිද්ධියට සම්බන්ධ පිරිස මෙහෙය වූ බවට සැක කරන ප්‍රධාන පුද්ගලයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නමැත්තා අද කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පෙරවරු 11 සිට පැය දෙකකට අධික කාලයක් පොලීසිය ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1911295718930677/