ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී

by Staff writer 13-04-2018 | 10:02 AM
COLOMBO (Newsfirst) - 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද දිනයේදී දෙවන පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි විය. එම පදක්කම හිමි වූයේ බොක්සිං කිලෝග්‍රෑම් 52 පිරිමි අවසන් පූර්ව තරගයට එක්වූ ඉෂාන් බණ්ඩාරට යි. මෙම තරගයෙන් ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි හමුවේ ඉෂාන් පරාජය වූ අතර තරගාවලියේ රීතිවලට අනුව ඉෂාන්ට ලෝකඩ පදක්කම හිමි විය. ඒ, අවසන් පූර්ව වටයට ලෝකඩ පදක්කම සඳහා වෙනම තරගයක් නොපැවැත්වෙන අතර එම පදක්කම අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් ඉවත් වන ක්‍රීඩකයින්ට හිමි වීම හේතුවෙනි. අද උදෑසන පැවති කිලෝග්‍රෑම් 46 -49 බර පන්තියේ බොක්සිං තරගයෙන් තිවංක රණසිංහ ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වෙන් හිමිවූ තුන්වන පදක්කම මෙයයි.