by Chathuranga Rajapaksha 13-04-2018 | 3:16 PM
COLOMBO (Newsfirst) - කිතුල්ගල, කලුකොවුතැන්න ප්රදේශයේ නිවසක තිදෙනකු තියුණු ආයුධයකින් කපා දමා තිබේ.
මෙම නිවසට ඊයේ රාත්රියේ පැමිණි පුද්ගලයෙකු විසින් නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ සහ නැගණිය කඩුවක් ආධාරයෙන් මෙලෙස කපා කොටා තිබේ.
තවත් අයෙකු නිවසට ජීව අත්බෝම්බයක් ද විසි කර ඇති අතර එය පිපිරී නොමැති බව වාර්තා වේ.
තුවාල ලැබු දෙදෙනෙක් මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර හිමිකරු කිතුල්ගල දිසා රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
පොලිසිය පවසන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙය සිදු ව ඇති බව ය.
එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පලාගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් කිතුල්ගල පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/1910943148965934/